ඇමෙරිකානු ඩොලරයේ ගෝලීය ආධිපත්‍යය බිඳවැටීමත් සමග, ඕස්ට්‍රේලියානු මහ බැංකුවට (RBA) පොලී අනුපාත ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
Donald Trump දෙවන වරටත් ධුරයට පත්වීමෙන් පසු පැනවූ බදු ප්‍රතිපත්ති, US $trillion 40 ඉක්මවා ඇති අධික ණය බර සහ මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇමෙරිකානු ආර්ථිකය කෙරෙහි පැවැති විශ්වාසය දැඩි ලෙස පළුදු වී තිබෙනවා. මේ නිසා ආයෝජකයින් ඇමෙරිකානු ණය පත්‍රිකා අලෙවි කරමින් වෙනත් ආරක්ෂිත ආයෝජන දෙසට යොමු වෙමින් සිටිනවා.
ලෝකයේ ප්‍රධානතම ආර්ථික බලවතා වන ඇමෙරිකාවේ වසර 10ක රජයේ බැඳුම්කර පොලී අනුපාතය 5.2% ඉක්මවා යාමත් සමග, ඊට සමගාමීව ඕස්ට්‍රේලියාවේ බැඳුම්කර පොලී අනුපාතද 5.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් RBA අධිපතිනි Michele Bullock මහත්මිය ඇතුළු මණ්ඩලයට 2026 වසර සඳහා වන සිව්වන පොලී අනුපාත ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.



