Queensland හි පාසල් ආපනශාලා තුළ සෞඛ්‍යාරක්ෂිත මෙන්ම නව්‍යකරණය වූ ආහාර හඳුන්වාදීමේ වැඩසටහන යටතේ මෙවර හොඳම වට්ටෝරු තේරීමේ තරගාවලියක් පවත්වා තිබෙනවා.
Queensland Association of School Tuckshops (QAST) විසින් සංවිධානය කළ මෙම තරගයෙන් 2026 වසරේ හොඳම වට්ටෝරුවට හිමි සම්මානය දිනාගැනීමට Camira State School හි Dana Sides විසින් සකස් කළ "Karaage Chicken and Rice Bowl" වට්ටෝරුව සමත් වුණා. අඩු පිරිවැයකින් සකස් කළ හැකි, රසවත් මෙන්ම පෝෂණීය ආහාරයක් ලෙසයි මෙය ඇගයීමට ලක්වූයේ. මීට අමතරව Cannonvale State School හි "Chicken Ball Wrap" දෙවන ස්ථානය දිනාගත් අතර Kalkie State School හි "Ruby Red Banana Bread" හොඳම කෙටි ආහාරයට හිමි සම්මානය හිමිකර ගත්තා.
මෙම නව ආහාර රටාවන් මගින් දරුවන්ගේ එදිනෙදා පෝෂණය ඉහළ යන අතරම, අනාගතයේදී ඇතිවිය හැකි බෝ නොවන රෝගවලින් ඔවුන් ආරක්ෂා කරගැනීමටද මහත් පිටිවහලක් වන බවයි Health and Wellbeing Queensland හි පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ.



