ඕස්ට්‍රේලියානු State of Origin රග්බි ලීග් තරඟාවලියේ Queensland Maroons කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු සුපිරි ක්‍රීඩක Darius Boyd පත්කර තිබෙනවා.

Billy Slater එම ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව, වසර දෙකක ගිවිසුමක් යටතේ Darius Boyd මෙම තනතුර සඳහා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

Maroons කණ්ඩායම වෙනුවෙන් State of Origin තරග 28 කට ක්‍රීඩා කර ඇති Boyd, 2020 වසරේදී ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව Queensland වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් දිගින් දිගටම ජයග්‍රහණ කරා කණ්ඩායම මෙහෙයවීමට සමත් වුණා.

තමන් වෙත පැවරුණු මෙම නව වගකීම පිළිබඳව අදහස් දක්වමින් Darius Boyd සඳහන් කළේ, Queensland හි අභිමානවත් ක්‍රීඩා ඉතිහාසය සහ ජයග්‍රාහී සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යාම තම ප්‍රධාන අරමුණ බවයි.