North Queensland හි Magnetic Island හිදී මෝපෙඩ් (moped) වර්ගයේ පැපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 74 හැවිරිදි Canadian ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Horseshoe Bay මාර්ගයේදී ඉරිදා පෙර්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයේදීම එම කාන්තාව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෝටර් රථයේ රියදුරුට අනතුරෙන් හානියක් සිදුවී නැහැ.
අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන්, සංචාරකයින් සහ ජීවිත ආරක්ෂකයින් (lifeguards) එක්ව CPR සහ ඩීෆයිබ්‍රිලේටර් (defibrillator) යන්ත්‍ර භාවිත කරමින් ඇගේ ජීවිතය බේරාගැනීමට දැඩි උත්සාහයක නිරත වී තිබෙනවා.
Forensic Crash Unit විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබෙනවා.



