Queensland හි Rockhampton City හි Kent වීදිය සහ Cambridge මංසන්ධියේදී පසුගිය සිකුරාදා සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ 43 හැවිරිදි පියෙකු Rockhampton Hospital හි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
Leslie Spencer නමැති මෙම පියා සහ ඔහුගේ 10 හැවිරිදි පුතු පාපැදිවලින් පාසල වෙත යමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙනුයි මෙලෙස අනතුරට ලක්වූයේ.
හිසට සහ සිරුරට බරපතල තුවාල ලැබූ 10 හැවිරිදි පුතු මේ වන විට Brisbane Hospital හි කෘත්‍රිම සිහිසුන් තත්ත්වයේ (induced coma) පසුවන අතර, ඉදිරි දින කිහිපය තුළ ඔහුව පියවි සිහියට ගැනීමට වෛද්‍යවරුන් සූදානම් වෙනවා.
වසර 5කට පෙර සිය 14 හැවිරිදි වැඩිමහල් පුතුද අහිමි වූ මෙම පවුලට, මෙම අනතුරත් සමඟ නැවතත් දැවැන්ත ශෝකජනක පුවතකට මුහුණ දීමට සිදුව තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් Queensland පොලීසිය මඟින් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.



