Queensland ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක ලැව්ගිනි ඇතිවෙමින් පවතින පසුබිමක, ඉදිරි දිනවලදී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බව ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය පවසනවා. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහ අධික පීඩන තත්ත්වය හේතුවෙන් ඇතිවන ඝන දුම් පටල මගින් සිදුවන බලපෑම් අවම කරගැනීමට නිවෙස් තුළම රැඳී සිටින ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, උදෑසන කාලයේ පවතින තද මීදුම සහිත කාලගුණය හේතුවෙන් වාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසද උපදෙස් දී තිබෙනවා. මේ අතර Central සහ South-East Queensland හි ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා අමතර සහන කණ්ඩායම් යොදවා ඇති තිබෙනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශයට අනුව, අඟහරුවාදා සිට නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට වැසි ආරම්භ වන අතර, බ්‍රහස්පතින්දා සිට සෙනසුරාදා දක්වා South-East ප්‍රදේශයට 3mm ත් 10mm ත් අතර වැසි සහ North Tropical Coast ප්‍රදේශයට  20mm දක්වා වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.