ලෝකය යම් හදිසි ආපදා තත්ත්වයකට හෝ දැඩි ආර්ථික අර්බුදයකට ලක්වුවහොත්, ඉදිරියේදී Pokemon Cards ලෝකයේ නව මුදල් ඒකකයක් ලෙස භාවිත වීමේ ප්‍රවණතාවක් පවතින බවට ඕස්ට්‍රේලියාවේ හි ප්‍රමුඛ පෙළේ ආයෝජන සහ Collectibles විශේෂඥයන් පවසනවා.
ලොව පුරා දැවැන්ත ජනප්‍රියතාවක් හිමි කරගෙන තිබෙන මෙම Pokemon Cards වල වටිනාකම පසුගිය වසර කිහිපය තුළ ඇමෙරිකාවේ ප්‍රමුඛ සමාගම්වල කොටස් වෙළඳපොළ වර්ධනයටත් වඩා 3000% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෑතකදී Logan Paul නමැති ජනප්‍රිය තරුවක් විසින් අතිශය දුර්ලභ Pikachu Illustrator Card එකක් ඇමෙරිකානු ඩොලර් මිලියන 23.3 කට අලෙවි කරමින් ගිනස් ලෝක වාර්තාවක් ද තබා තිබෙනවා.
මෙම Cards වල ඇති ඉහළ වටිනාකම සහ පහසුවෙන් මුදල් බවට පත්කිරීමේ හැකියාව නිසා නීති විරෝධී ලෙස මුදල් විශුද්ධිකරණය සඳහා ද සංවිධානාත්මක අපරාධකරුවන් මෙය යොදාගන්නා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියා රජය ප්‍රකාශ කර ඇත්තේ මෙම Cards විශේෂ මුදල් ඒකකයක් ලෙස නියාමනය කිරීමට දැනට අදහසක් නොමැති අතර, පවතින මුල්‍ය නීති මගින් මේ පිළිබඳව අවධානයෙන් පසුවන බවයි.



