සුප්‍රකට ක්ෂණික ආහාර ආයතනයක් වන Pizza Hut සහ Sydney City Council අතර රාත්‍රී කාලයේ වෙළඳසැල් විවෘතව තැබීම සම්බන්ධයෙන් දැඩි මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා. Sydney හි Surry Hills හි Elizabeth St හි පිහිටි Pizza Hut takeaway වෙළඳසැල සතියේ සෑම දිනකම අලුයම 3:00 දක්වා විවෘතව තැබීමට එම සමාගම අවසර ඉල්ලා සිටියද, ඊට Sydney City Council එකෙන් නැවතත් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
දැනට සතියේ දිනවල රාත්‍රී 10:00 දක්වාත්, සති අන්තයේ මධ්‍යම රාත්‍රී 12:00 දක්වාත් විවෘතව තබන මෙම වෙළඳසැල අලුයම 3:00 දක්වා දීර්ඝ කිරීමට යාමෙන් ප්‍රදේශවාසීන්ට අධික ශබ්දය සහ දුර්ගන්ධය නිසා දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බව පවසමින් ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පළ කරනවා. මීට පෙරද අවස්ථා කිහිපයකදීම කරන ලද ඉල්ලීම් Council එක විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙවරද මෙම ඉල්ලීමට අවසර නොදෙන ලෙසයි කවුන්සිල නිලධාරීන් නිර්දේශ කර ඇත්තේ. මෙම යෝජනාව අනුමත කළහොත් අවට පදිංචිකරුවන්ට දැඩි බලපෑමක් සිදුවන බවත්, එය මහජන සුභසිද්ධියට පටහැණි බවත් Sydney City Council වාර්තාවක සඳහන් වෙනවා.



