ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සඳහා ලබා දුන් සහන කප්පාදු කිරීමට රජය පියවර ගැනීමත් සමඟ මෙරට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
Australian Institute of Petroleum ආයතනයේ නවතම දත්තවලට අනුව, මේ වන විට පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් 2.27ක් දක්වාත්, ඩීසල් ලීටරයක මිල ඩොලර් 2.74ක් දක්වාත් ඉහළ ගොස් ඇති අතර, මෙය පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම මිල ගණන් වෙනවා. රජය විසින් මීට පෙර ලීටරයකට ලබා දුන් බදු සහනය ක්‍රමයෙන් අඩු කර අගෝස්තු මස මුලදී සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
මිල ඉහළ යාම හමුවේ විපක්ෂය විසින් නව සහන යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණද, නැවත ඉන්ධන සඳහා බදු සහන ලබාදීමට අදහස් නොකරන බවයි Albanese රජයේ මුදල් අමාත්‍ය Katy Gallagher සඳහන් කරන්නේ. එමෙන්ම Sydney, Melbourne, Brisbane, Perth සහ Adelaide යන ප්‍රධාන නගරවල ද දිනපතා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ACCC ආයතනය පෙන්වා දෙනවා.



