මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය සහ පවතින යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

Strait of Hormuz නමැති ප්‍රධාන නෞකා මාර්ගයේ ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය මිල ඩොලර් 2.11 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩීසල් මිලද ජූනි මාසයේ සිට 50% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස ඉන්ධන මිල ඉහළ යාම හමුවේ උද්ධමනය නැවත ඉහළ යනු ඇතැයි භීතියක් මතුව ඇති අතර, මෙරට Reserve Bank of Australia (RBA) ආයතනය විසින් පොලී අනුපාත නැවත ඉහළ නැංවීමට ඉඩ ඇති බවටද මත පළවෙනවා. පවතින තත්ත්වය හමුවේ ඉහළ ඉන්ධන මිල ගණන් ඉදිරියටත් පවතිනු ඇති බැවින්, රථවාහන හිමියන්ට ඉන්ධන ලබාගැනීමේදී පවතින මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වන ලෙස උපදෙස් දී තිබෙනවා.