Perth හි Fiona Stanley Hospital හි දැඩි සත්කාර ඒකකයේ ඇති වූ හදිසි ගිනිගැනීමක් හේතුවෙන් එහි සිටි පිරිස් වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Perth හි දකුණු දෙසින් පිහිටි මෙම රෝහලේ ICU සංකීර්ණය තුළ වූ විශේෂිත කාමරයකින් පෙරුවරු 10:00ට පමණ මෙම ගින්න වාර්තා වී ඇති බව සඳහන්. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් වී ඇත්දැයි මෙතෙක් තහවුරු වී නොමැති අතර, ගින්න හටගැනීමට හේතුව සෙවීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත්, ගිනි නිවන හමුදාවේ මැදිහත්වීමෙන් පැය භාගයක් ඇතුළත ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිව තිබෙනවා.



