Perth හි Mount Lawley ප්‍රදේශයේ පිහිටි St John of God රෝහල වෙත උපකරණ ප්‍රවාහනය කරමින් සිටි රියදුරෙකු අනතුරකට ලක්ව බරපතල තත්ත්වයෙන් Royal Perth Hospital වෙත ඇතුළත් කර තිබෙනවා.

අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, Scissor lift එකක් සහ තවත් යන්ත්‍රයක් අතර සිරවීමෙන් ඔහු මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් WorkSafe ආයතනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

St John of God පෞද්ගලික රෝහල් සමූහය යටතේ පැවැති මෙම රෝහල හෙට දිනයේ සිට Western Australia ප්‍රාන්ත රජය වෙත පවරා ගැනීමට නියමිතව තිබූ අතර, රෝහලේ නාමපුවරු වෙනස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතිද්දී මෙම අනතුර සිදුවී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇඳන් 196කින් සමන්විත මෙම රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු සැලසුම් කළ පරිදිම සිදුවන අතර, ඉදිරියේදී එය East Metropolitan Health Service මගින් පාලනය වීමට නියමිතයි.