Australian Financial Review පුවත්පත මගින් නිකුත් කළ ඕස්ට්‍රේලියාවේ බලවත්ම පුද්ගලයින්ගේ වාර්ෂික ලැයිස්තුවේ 4 වන ස්ථානය හිමිකර ගැනීමට One Nation පක්ෂයේ නායිකා Pauline Hanson සමත්ව තිබෙනවා. එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය පසුවන්නේ අග්‍රාමාත්‍ය Anthony Albanese යි.
භාණ්ඩාගාරික Jim Chalmers සහ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන තිබෙනවා. Pauline Hanson නැවතත් මෙම ලැයිස්තුවට එක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ One Nation පක්ෂයේ ජනප්‍රියතාව මෙරට දේශපාලන කරළිය තුළ වේගයෙන් ඉහළ යාම බවයි AFR වාර්තාවල දැක්වෙන්නේ.
නවතම Roy Morgan ජනමත විචාරණයට අනුව, මූලික ඡන්ද ප්‍රතිශතය අතින් Labor පක්ෂය අභිබවා යාමටද One Nation පක්ෂය සමත්ව සිටිනවා. මෙම බලවත්ම පුද්ගලයින් 10 දෙනාගේ ලැයිස්තුවට විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවේ අධිපති Michele Bullock සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Richard Marles ද ඇතුළත් වී තිබෙනවා.



