Thailand හි Pattaya හිදී 17 හැවිරිදි තරුණියක ඝාතනය කර සිරුර suitcase එකක බහා තිබියදී හමු වූ සිද්ධිය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ වාර්තාව තායිලන්ත පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව Tunchanok Donhomla නමැති මෙම තරුණිය මියගොස් ඇත්තේ මොළයට සිදුවූ හානි සහ හුස්ම හිරවීම හේතුවෙන් බවයි හෙළි වී ඇත්තේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික Simon Peter Carman නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ මුදල් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි. සැකකරු Perth වෙත පළායාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ස්වයං ආරක්ෂාව උදෙසා මෙය සිදුකළ බව පවසමින් ඔහු ඝාතන චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

කෙසේ වෙතත්, සිරුරෙන් සොයාගත් DNA සාක්ෂි ඇතුළු සියලු සාක්ෂි ලබාගෙන ඇති බැවින් අධිකරණය හමුවේ වේගවත් නඩු විභාගයක් පවත්වා තීන්දුව ලබාදීමට හැකිවනු ඇති බවයි තායිලන්ත පොලීසිය පවසන්නේ. චෝදනාවලට වරදකරු වුවහොත් සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දඬුවම හිමිවීමට ඉඩ තිබෙනවා.