Melbourne හි Parwan ප්‍රදේශයේදී සිදු වූ රථවාහන අනතුරකින් එක් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දරුවන් 6 දෙනෙකු සහ කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

Parwan-Exford මාර්ගය සහ Nerowie මංසන්ධියේදී අඟහරුවාදා පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, පාලනය කරගත නොහැකි වූ මෝටර් රථයක් පෙරළී යාමෙන් අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවූ ස්ථානයේදීම එක් දරුවෙකු මියගොස් තිබෙනවා.

බරපතල තත්ත්වයේ පසුවූ තවත් දරුවෙකු ගුවන් මගින් රෝහල්ගත කිරීමට පියවර ගත් අතර, අනිත් දරුවන් පස්දෙනා සහ කාන්තාව සාමාන්‍ය තුවාල සහිතව රෝහල්ගත කර තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර Victoria පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.