දේශපාලනික වශයෙන් දැඩි ලෙස මතගැටීම් පැවති One Nation නායිකා Pauline Hanson, ස්වාධීන සෙනෙට් මන්ත්‍රී Fatima Payman සහ Fowler ආසනයේ ස්වාධීන මන්ත්‍රී Dai Le එක්ව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ගේ කාර්ය මණ්ඩල බෙදාහැරීමේ පටිපාටියට එරෙහිව හඬ නගා තිබෙනවා.

අගමැතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර පෞද්ගලික කාර්ය මණ්ඩල වෙන්කිරීමේදී විනිවිදභාවයකින් තොරව සහ අසාධාරණ ලෙස කටයුතු කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ. පවතින MOP(S) Act ක්‍රමවේදය යටතේ අමතර කාර්ය මණ්ඩල ලබාදීමේ සම්පූර්ණ බලතල අගමැතිවරයා සතුව පැවතීම හේතුවෙන්, ස්වාධීන සහ කුඩා පක්ෂවල මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තරම් පර්යේෂණ සහ ප්‍රතිපත්තිමය සහායකයින් අහිමි වන බව ඔවුන් පෙන්වා දෙනවා.

දේශපාලනික වෙනස්කම් පැත්තක තබා මෙම අසාධාරණ ක්‍රමය වෙනස් කිරීමටත්, මන්ත්‍රීවරුන්ට කාර්ය මණ්ඩල වෙන්කිරීමේ බලය අගමැතිගෙන් ඉවත් කර ස්වාධීන ආයතනයකට පවරන ලෙසටත් ඔවුන් ඉල්ලා සිටිනවා. එළඹෙන ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තුව රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වන පනත් සංශෝධන ඉදිරිපත් කිරීමටද මොවුන් සැලසුම් කර තිබෙනවා.