වයස අවුරුදු 3 ක කුඩා දරුවෙකු බේරාගනිමින්, රටවල් 5 ක ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර ළමා ලිංගික අපචාර ජාලයක් අඩපණ කිරීමට New South Wales හි Sex Crimes Squad පරීක්ෂකවරුන් සමත්ව තිබෙනවා.

මෙම වසරේ අප්‍රේල් සහ අගෝස්තු මාස අතර කාලය තුළ සිදුකළ පරීක්ෂණවලදී Uruguay, England, Poland, Mexico සහ United States යන රටවල සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සහය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. මීට Strike Force Constantine සහ Strike Force Trawler යන විශේෂ විමර්ශන ඒකක දෙකෙහි සහය ද හිමිව තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර UK හි දෙදෙනෙකු, US හි දෙදෙනෙකු ඇතුළුව Uruguay, Poland සහ Mexico යන රටවලින් එක් අයෙකු බැගින් වන බව සඳහන්. මෙහිදී US හිදී අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ සිටි අවුරුදු 3 ක කුඩා දරුවෙකු ආරක්ෂිතව බේරාගැනීමට හැකිවූ අතර, Mexico හිදී අත්අඩංගුවට ගත් පුද්ගලයා දරුවෙකුට අපචාරයක් කිරීම සඳහා United States වෙත යාමට සූදානම් වූ අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනාම මේ වන විට බන්ධනාගාරගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.