එළඹෙන ඔක්තෝබර් දීර්ඝ සති අන්තයේදී Sydney ඇතුළු New South Wales ප්‍රාන්තය පුරා දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් ගමන් වාර සැලසුම් කිරීමේදී වැඩි කාලයක් වෙන්කර ගන්නා ලෙස ප්‍රවාහන බලධාරීන් රථවාහන ධාවකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

Spring පාසල් නිවාඩුව, Labour Day සති අන්තය සහ ප්‍රධාන උත්සව කිහිපයක් එකවර යෙදී තිබීම මීට ප්‍රධාන හේතුවයි. විශේෂයෙන්ම බටහිර දෙසට ගමන් කරන පිරිස් Great Western Highway හි Victoria Pass වසා තැබීම නිසා Lithgow සහ Blue Mountains හරහා ගමන් කිරීමේදී විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවන බව Transport for NSW ආයතනය සඳහන් කරනවා.

මීට අමතරව  ඔක්තෝබර් 3 සිට 5 දක්වා කාලය තුළ NRL සහ RLW Grand Finals තරග, Koori Knockout සහ Wollongong හි පැවැත්වෙන Yours and Owls සංගීත සංදර්ශනය නිසා M1 Pacific Motorway, Hume Highway සහ Princes Highway යන ප්‍රධාන මාර්ගවල දැඩි තදබදයක් ඇතිවිය හැකියි. එම නිසා Sydney ගුවන් තොටුපළ වෙත යන මගීන්ට හැකි සෑම විටම දුම්රිය සේවය භාවිත කරන ලෙස බලධාරීන් වැඩිදුරටත් උපදෙස් දෙනවා.