Northern NSW හි Gurranang ප්‍රදේශයේ එකම නිවසකින් දින 15ක් ඇතුළත පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු හමුගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 13 වනදා Summerland Way හි පිහිටි අදාළ නිවස තුළ තිබී 79 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුර ප්‍රථමයෙන් සොයාගත් අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා ඊයේ එම ස්ථානයට ගිය පොලිස් නිලධාරීන්ට එහි තිබූ උපකරණ ගබඩා කාමරයක (shed) තිබී 59 හැවිරිදි තවත් පුද්ගලයෙකුගේ සිරුර හමු වී තිබෙනවා. මියගිය පුද්ගලයින් දෙදෙනාගේම සිරුරු මත සමාන තුවාල සලකුණු පැවැති බවත්, එය ඝාතනයන් බවට සැක කරන බවත් NSW පොලිස් බලධාරීන් ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු Grafton පොලිස් ස්ථානයවෙත රැගෙන ගොස් ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.



