පාසල් සිසුන්ගේ අධ්‍යාපනික සාධන මට්ටම් පහත වැටීම හමුවේ, public schools තුළ දෛනික ඩිජිටල් තිර භාවිත කරන කාලය (screen time) සීමා කිරීමට ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2027 වසරේ පළමු පාසල් වාරයේ සිට ළදරු ශ්‍රේණියේ සිට 2 වසර දක්වා සිසුන්ට දිනකට විනාඩි 15ක්, 3 සහ 4 වසර සඳහා විනාඩි 30ක් මෙන්ම 5 සහ 6 වසර සඳහා විනාඩි 45ක් ලෙස තිර භාවිත කාලය සීමා කෙරෙනවා.
එමෙන්ම 7 සිට 10 වසර දක්වා එක් විෂයකට වෙන්කර ඇති කාලයෙන් හතරෙන් එකක් සහ 11 හා 12 වසර සඳහා අදාළ කාලයෙන් අඩක් තිර භාවිතය සඳහා වෙන් කිරීමට නියමිතයි.
මීට අමතරව දිනකට අවම වශයෙන් පැයක කාලයක් පෑන සහ කොළ භාවිතයෙන් කෙරෙන අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කිරීමට ද යෝජනා කර තිබෙනවා. 2027 වසරේ සිට නිර්දේශිත මට්ටමින් ක්‍රියාත්මක වන මෙම නීති, 2028 වසරේ සිට අනිවාර්ය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෑතකදී නිකුත් වූ ජාත්‍යන්තර අධ්‍යාපන වාර්තාවලට අනුව, ඕස්ට්‍රේලියාවේ සිසුන්ගේ කියවීම, ලිවීම සහ ගණිතය යන විෂයන්හි කුසලතාවන් දැඩි ලෙස පහත බැස ඇති බව අනාවරණය වී තිබෙනවා. අධික ලෙස ස්ක්‍රීන් භාවිතය දරුවන්ගේ සෞඛ්‍යයට මෙන්ම අධ්‍යාපනයට ද සෘජුවම බලපාන බැවින් මෙම පියවර ගත් බවයි NSW අධ්‍යාපන අමාත්‍ය Prue Car සඳහන් කළේ.



