Sydney හි northwest ප්‍රදේශයේ Ryde හි පිහිටි නිවාස සංකීර්ණයක ඇති වූ හදිසි ගිනිගැනීමකින් වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෙනසුරාදා පස්වරු 3.40 ට පමණ Ryde හි Church St හි පිහිටි මෙම ගොඩනැගිල්ලේ හදිසියේම ගින්න හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදාව පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගත්තා.
කෙසේ වෙතත්, ගින්න නිවා දැමීමෙන් පසු දෙවන මහලේ තිබී මෙම පුද්ගලයාගේ මෘත ශරීරය සොයාගෙන තිබෙනවා.
මෙය සැකකටයුතු ගිනිගැනීමක් ලෙස මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



