North Queensland හි Mackay ප්‍රදේශයට කිලෝමීටර 125 ක් ගිනිකොන දෙසින් පිහිටි Middle Percy Island හි නඩත්තු කටයුතු සඳහා පදිංචි වී කටයුතු කළ හැකි ස්වේච්ඡා භාරකරුවන්ට අවස්ථාව හිමිව තිබෙනවා.
දැනට පුද්ගලයින් දෙදෙනෙකු පමණක් පදිංචිව සිටින මෙම සුන්දර දිවයිනේ නවාතැන් පහසුකම් නොමිලේ හිමිවන අතර, එහි පදිංචි වන්නන් අවම වශයෙන් වසරක කාලයක්වත් එහි රැඳී සිටිමින් යටිතල පහසුකම් පවත්වාගෙන යාම, සතුන් පාලනය සහ මීපැණි වගාව වැනි කටයුතු සිදුකළ යුතු වනවා.
වසර 15 කට වැඩි කාලයක් තිස්සේ එහි වෙසෙන Martin Papay සහ මෑතකදී එක්වූ Ralph Ender පවසන්නේ මෙම දිවයිනේ ජීවිතය අතිශය සුන්දර වුවත්, ස්වයංපෝෂිතව ජීවත්වීමට දැඩි කැපවීමක් සහ මහන්සියක් අවශ්‍ය බවයි. එමෙන්ම හුදකලා බව හමුවේ ඇතිවන මානසික අභියෝගයන්ට මුහුණදීමේ හැකියාව ද මෙහි පැමිණෙන්නන්ට තිබිය යුතු බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.



