Nepal-Tibet සීමාවේ සිදුවූ දරුණු නායයෑම් සහ ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන් වූ 38 දෙනා අතර, Mount Kailash වන්දනා ගමන නිමවා ආපසු පැමිණෙමින් සිටි Renee නමැති දෙදරු ඕස්ට්‍රේලියානු මවද සිටින බව හඳුනාගෙන තිබෙනවා.

අගෝස්තු 26 වනදා සිදුවූ මෙම ස්වාභාවික විපතින් Gyirong Port හි පිහිටි ආගමන විගමන ගොඩනැගිල්ල තුළ සිටියදී ඇය අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, Reneeගේ පවුලේ අය ඇය වෙනුවෙන් සහාය ලබා ගැනීමට GoFundMe අරමුදලක්ද ආරම්භ කර තිබෙනවා.

මෙම විපතින් මේ වන විට පුද්ගලයින් 1,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 4,400කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.