දැවැන්ත ගංවතුර ව්‍යසනයෙන් පීඩාවට පත් නේපාලයෙහි මුදාගැනීමේ සහ සහන කටයුතු සඳහා ඕස්ට්‍රේලියානු විශේෂඥ මුදාගැනීමේ කණ්ඩායම් සහ Drone ක්‍රියාකරුවන් පිරිසක් නේපාලය වෙත ළඟා වී තිබෙනවා.
Tibet සහ Nepal මායිම් ආශ්‍රිතව සිදුවූ මෙම විනාශකාරී ගංවතුර හේතුවෙන් තවමත් පුද්ගලයින් 5000 කට වැඩි පිරිසක් අතුරුදහන්ව සිටින අතර, ඊට ඕස්ට්‍රේලියානු ජාතිකයින් 36 දෙනෙකුද ඇතුළත්. මෙම පිරිස සොයාගැනීම සඳහා Disaster Assistance Response Team (DART) හි විශේෂඥයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස කැඳවා තිබෙනවා.
මෙහිදී ගොඩබිම් මාර්ගයෙන් ළඟාවීමට අපහසු ප්‍රදේශ සිතියම්ගත කිරීමටත්, Thermal Imaging තාක්ෂණය ඔස්සේ අතුරුදහන් වූවන් සොයාගැනීමටත් විශේෂ Drone තාක්ෂණය භාවිත කිරීමට නියමිතයි.
එමෙන්ම, මෙහෙයුම් අතරතුරදී ප්‍රදේශයේ පවතින ආහාර සහ ජල හිඟයට බලපෑමක් නොවන පරිදි, අවශ්‍ය සියලුම ආහාර, ඖෂධ සහ කූඩාරම් ද මෙම ඕස්ට්‍රේලියානු සහන කණ්ඩායම් විසින්ම රැගෙන ගොස් ඇති බවයි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.



