Nepal සහ Tibet අතර හිමාලයානු හිම කඩාවැටීමක් හේතුවෙන් හටගත් හදිසි ගංවතුරින් අතුරුදහන් වූ සියගණනක් අතර ඕස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු ද වන බවට තොරතුරු වාර්තා වනවා.

Nepal හි Bhote Koshi ගඟ පිටාර ගැලීමෙන් ගම්මාන රැසක්ම ජලයෙන් යටවී ඇති අතර, මේ වන විට තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එම රටවල බලධාරීන් පවසන්නේ.

Kathmandu සිට Mount Kailash දක්වා ගමන් කළ සංචාරක කණ්ඩායමක සිටි ඕස්ට්‍රේලියානුවන් 15 දෙනෙකු ද ඇතුළුව මෙම පිරිස අතුරුදහන් වී ඇති අතර, ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ විදේශ අමාත්‍ය Penny Wong ප්‍රකාශ කළේ අතුරුදහන් වූවන්ගේ සුවදුක් සොයා බැලීමට Foreign Affairs and Trade දෙපාර්තමේන්තුව සහන කණ්ඩායම් සමග හදිසියේ කටයුතු කරමින් සිටින බවයි.

ගලවාගැනීමේ කටයුතු මේ වන විටත් දැඩි අපහසුතා මධ්‍යයේ ක්‍රියාත්මක වන අතර, විපතට පත් ප්‍රදේශවල සිටින පිරිස් වෙත උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන් සූදානමින් පසුවනවා.