Motor Neurone Disease හෙවත් MND නමැති දරුණු ස්නායු රෝගයෙන් පෙළෙන ඕස්ට්‍රේලියානුවන්ට නව බලාපොරොත්තුවක් දෙමින්, එම රෝගයට ලබාදෙන 'Qalsody' නමැති විශේෂිත ඖෂධයේ මිල විශාල ලෙස පහත හෙලීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

මෙරට Pharmaceutical Benefits Scheme (PBS) සහන ක්‍රමය යටතේ ලබන ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි, මීට පෙර ඩොලර් 28,000 ක් වූ මෙම ඖෂධ වට්ටෝරුවක මිල ඩොලර් 25 ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩු වනු ඇති.

මස්පිඩු අක්‍රිය වීම සහ අංශභාග තත්ත්වයන් ඇති කරවන මෙම මාරාන්තික රෝගය සඳහා මෙතෙක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැති අතර, SOD1 ALS නැමැති ජාන විකෘතිතාව සහිත MND රෝගීන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම පාලනය කිරීමට මෙම 'Qalsody' ඖෂධයට හැකියාව පවතිනවා.

මෙම සහනය හරහා වසරකට ඕස්ට්‍රේලියානුවන් 70 දෙනෙකුට පමණ ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.