Marrickville Golf Club වෙත ඩොලර් මිලියන 6ක ප්‍රතිපාදන වෙන් කිරීමේදී අගමැති Anthony Albanese නිසි පටිපාටිය අනුගමනය කර නැති බවට චෝදනා එල්ල වෙනවා. ප්‍රදාන වැඩසටහන ආරම්භ කිරීමටත් පෙර අදාළ මුදල් ලබාදෙන බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි අලුත්ම වාර්තාවල දැක්වෙන්නේ.
Major and Local Community Infrastructure Program ආරම්භ කිරීමට මාස 6කට පෙරයි අගමැති Anthony Albanese මෙම ඩොලර් මිලියන 6ක මුදල Marrickville Golf Club එකට ලබාදෙන බව පවසා තිබෙන්නේ.
Shadow treasurer Tim Wilson පවසන්නේ අගමැතිවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි පරීක්ෂාවකට ලක්විය යුතු බවයි. අදාළ ක්‍රීඩා සමාජයට තමන් කිසිදු සම්බන්ධයක් නැති බව අගමැතිවරයා කලින් පැවසුවද, පසුව හෙළි වුණේ ඔහු එහි සාමාජිකත්වය පවා ලබාගෙන තිබූ බවයි.
මෙම MLCI වැඩසටහන යටතේ අරමුදල් ලබාගැනීමට ඇරයුම් ලැබූ එකම ගොල්ෆ් සමාජය Marrickville Golf Club එක බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කළා.
කෙසේවෙතත්, අමාත්‍ය Julian Hill අගමැතිවරයාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ කළේ, ඡන්ද පදනම් කරගනිමින් මැතිවරණ පොරොන්දුවක් ලෙස මෙවැනි අරමුදල් වෙන් කිරීම සාමාන්‍ය දෙයක් බවත්, එහි කිසිදු නීති විරෝධී බවක් නොමැති බවත්ය.



