Melbourne ඉදන් Doha දක්වා ගමන් කරමින් තිබූ Qatar Airways ගුවන් යානයක් තුළ මගීන් දෙදෙනෙකු සිදුකළ කලහකාරී හැසිරීමක් හේතුවෙන් යානය තුළ දැඩි නොසන්සුන් තාවයක් හටගෙන තිබෙනවා.

ගුවන් ගමන ආරම්භයේ සිටම දැඩි කලබලකාරී ස්වභාවයකින් පසුවූ මෙම පුද්ගලයින් දෙදෙනා, පැය 14ක ගුවන් ගමනින් පැය 6ක් ගතවෙද්දී එකිනෙකා සමඟ රණ්ඩුවීමට පටන්ගෙන ඇති අතර පසුව ගුවන් සේවකයින්ටද පහරදීමට උත්සාහ කර තිබෙනවා. ඔවුන් සතුව ගිනිඅවියක් ඇති බවටද එම අවස්ථාවේදී තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව අනෙකුත් මගීන් සහ ගුවන් සේවකයින් එක්ව ඉතා දුෂ්කර ලෙස මෙම පුද්ගලයින් දෙදෙනාව පාලනය කරගෙන තිබෙනවා. යානය Doha වෙත ගොඩබෑමෙන් පසු එරට බලධාරීන් විසින් මෙම පුද්ගලයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.