Melbourne හි Box Hill South ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ 80 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පසුගිය අඟහරුවාදා රාත්‍රී 8ට ආසන්නව Perth වීදිය සහ Middleborough මංසන්ධියේදී පාර මාරු වෙමින් සිටි මෙම පුද්ගලයා silver පැහැති Toyota Camry රථයක ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුවූ ස්ථානයේ සිටි රථයේ රියදුරු වන 33 හැවිරිදි Huntingdale ප්‍රදේශයේ පදිංචිකරුවා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

අනතුර පිළිබඳ ඉදිරි පරීක්ෂණ Nunawading Highway Patrol නිලධාරීන් විසින් සිදු කරන අතර, මෙම අනතුර සම්බන්ධයෙන් CCTV හෝ Dashcam දර්ශන ඇති පුද්ගලයින් සිටී නම් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා.