Melbourne වලට ගිනිකොන දෙසින් පිහිටි San Remo ප්‍රදේශයේ, මීටර් 30 ක පමණ ගැඹුරු ගල් අගලකට ඇද වැටුණු 50 හැවිරිදි පුද්ගලයෙකු බේරාගැනීමට හදිසි සහන සේවා කණ්ඩායම් සමත්ව තිබෙනවා.
George Bass Coastal Walk ආසන්නයේ සිදුවූ මෙම අනතුරින් පසු, අදාළ පුද්ගලයාගේ පාදයක් බිඳී ගොස් තිබූ අතර, ප්‍රදේශයේ පවතින දුෂ්කර භූමි භාගය සහ මුහුදු රළ මට්ටම ඉහළ යාම නිසා සහන කණ්ඩායම්වලට ඔහු වෙත ළඟාවීම දැඩි අභියෝගයක් වුණා.
කෙසේ වෙතත්, Ambulance Victoria, SES, Fire Rescue Victoria ඇතුළු සහන සේවා සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැය කිහිපයක මෙහෙයුමකින් පසු, හෙලිකොප්ටර් යානයක් යොදාගනිමින් ඔහුව බේරාගැනීමට හැකිවී තිබෙනවා. අනතුරෙන් පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා Royal Melbourne Hospital වෙත ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.



