Melbourne හි Point Cook ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටි ඉන්දුනීසියානු ජාතික 60 හැවිරිදි කාන්තාවකට පහරදී, අහාර නොදී වහලෙකු ලෙස තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ 47 හැවිරිදි මැලේසියානු ජාතික Chee Kit Chong නැමැත්තාට වසර හයක සිරදඬුවම් නියම වී තිබෙනවා.

අඩුම තරමින් වසර 4 ක කාලයක් යනතුරු ඔහුට ඇප හිමි නොවන බවයි අධිකරණය නියෝග කළේ. 2022 වසරේදී මෙම කාන්තාව තමාගේම දේපළක් ලෙස සලකමින් Chong විසින් සිදුකළ අමානුෂික සහ අතිශය කෲර හිංසනයන් සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

කෙසේවෙතත් මෙම නඩුවේ දෙවන සැකකාරිය වූ ඔහුගේ බිරිඳ Angie Liaw නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් නීතියට අනුව වහල්භාවයේ තබාගැනීමේ වරද සඳහා වසර 25 දක්වා සිරදඬුවම් නියම කළ හැකියි.