Labor රජය මගින් Discretionary Trusts සඳහා අය කිරීමට නියමිත  30% ක අවම බද්දෙන් නිදහස් වීමට ව්‍යාපාර නැවත සකස් කිරීමේදී එල්ල වන මුද්දර බදු වියදමින් නිදහස් වීමට කුඩා ව්‍යාපාරවලට නව විසඳුමක් ඉදිරිපත් කර තිබෙනවා.

භාණ්ඩාගාරික Jim Chalmers විසින් ඉදිරිපත් කරන ලද නව පනත් කෙටුම්පතට අනුව, කුඩා ව්‍යාපාරවලට තම Discretionary Trust ක්‍රමය වෙනස් නොකරම, එහි ඇති හිමිකම් ස්ථිර මට්ටමකින් ලබා දීමට තීරණය කිරීමෙන් මෙම නව බද්දෙන් නිදහස් වීමට අවස්ථාව හිමිවනවා.

මෙමගින් ව්‍යාපාර ව්‍යුහය වෙනස් කිරීමේදී ප්‍රාන්ත රජයන් වෙත ගෙවිය යුතු වන විශාල මුද්දර බදු මුදල වැයවීම වැළකී යන බවයි වාර්තා වන්නේ. මීට අමතරව ලියාපදිංචි සමාජ සේවා ආයතන සහ ආගමික හෝ ක්‍රීඩා සමාජ වෙත සිදුකරන පරිත්‍යාග ද මෙම බද්දෙන් නිදහස් කර තිබෙනවා.

මෙම නව Trust Tax ක්‍රමය 2028 වසරේ මැද භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සති දෙකක කාලයක් ලබා දී තිබෙනවා.