ලෝකප්‍රකට ගණකාධිකාරී සහ උපදේශන සමාගමක් වන KPMG, සිය සේවකයින් 400 කට ආසන්න පිරිසක් රැකියාවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
සේවාදායකයින්ගේ රහස්‍ය ලේඛන භාවිතය සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීම් සහ පාරිභෝගික රහස්‍යතා පිළිබඳ අභ්‍යන්තර පැමිණිලි නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් සමාගමේ උපදේශන සේවා ආදායම දැඩි ලෙස පහත වැටීම මීට ප්‍රධාන හේතුවයි.
මේ අනුව ඕස්ට්‍රේලියාවේ සේවය කරන සේවකයින් 360 දෙනෙකු සහ හවුල්කරුවන් 27 දෙනෙකුගේ රැකියා අහිමි වන අතර, වැඩි වශයෙන් උපදේශන සහ ව්‍යාපාරික සේවා අංශවල පිරිස් මීට මුහුණ දෙනවා. ගතවූ මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 2.28 ක් වූ සමාගමේ සමස්ත ආදායම, මෙම වසරේදී ඩොලර් බිලියන 2.26 දක්වා පහත වැටී තිබෙනවා.
පවතින ආර්ථික අර්බුදය, වෙළඳපොළ අභියෝග මෙන්ම AI තාක්ෂණයේ වර්ධනයත් සමඟ ක්ෂේත්රයේ සිදුවන සීඝ්‍ර වෙනස්කම් හමුවේ සමාගම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගත් බව KPMG Australia හි ප්‍රධාන විධායක නිලධාරී John Sams ප්‍රකාශ කළා.
එමෙන්ම 2028 දක්වාම ආර්ථික වර්ධනය මන්දගාමී විය හැකි බැවින් ඉදිරියේදීත් ආයතනය තුළ තවත් වෙනස්කම් සිදුවිය හැකි බවත්, රැකියා අහිමි වන පිරිස් සඳහා අවශ්‍ය සහාය සහ සුබසාධන කටයුතු සැලසීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.



