ඕස්ට්‍රේලියාවේ ජූලි මාසයේ රැකියා විරහිතභාවය බලාපොරොත්තු නොවූ ලෙස 4.5% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, පුද්ගලයින් 15,800 දෙනෙකුට රැකියා අහිමි වීමත් සමඟයි.

Australian Bureau of Statistics ආයතනය නිකුත් කළ නවතම දත්තවලට අනුව, රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 691,500 දක්වා ඉහළ ගොස් ඇති අතර රැකියා සඳහා යොමු වීමේ ප්‍රතිශතයද පහළ බැස තිබෙනවා. කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ පොලී අනුපාත සම්බන්ධයෙන් Reserve Bank of Australia ආයතනය ගන්නා ඉදිරි තීරණ මොනවාදැයි ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බවයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

ලෝක ව්‍යාප්ත ආර්ථික අභියෝග හමුවේ වුවද ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත්ව පවතින බව භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers සඳහන් කළා. නමුත් Opposition පක්ෂයේ විපක්ෂ නියෝජ්‍ය නායිකා Jane Hume චෝදනා කරන්නේ, රැකියා අපේක්ෂිතයින්ගේ ප්‍රමාණයට සරිලන පරිදි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට රජය අසමත් වී ඇති බවයි.