ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ retail සමාගමක් වන JB Hi-Fi හි කොටස් මිල ගණන් 11% කින් පමණ පහත වැටී තිබෙනවා.

පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 11.06 ක වාර්තාගත අලෙවියක් ලබා ගැනීමට සමත් වුවද, ජූලි මාසයේ සිට පාරිභෝගිකයන්ගේ මුදල් භාවිතය සහ වියදම් කිරීම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි එහි CEO වන Nick Wells සඳහන් කරන්නේ.

එමෙන්ම ලෝකප්‍රකට AI තාක්ෂණික නැගී සිටීම හේතුවෙන් tech supply chains වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, පරිගණක සහ ජංගම දුරකථන වැනි තාක්ෂණික උපාංගවල හිඟයක් සහ මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවටද ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවුවා.