iPhone 18 ජංගම දුරකථනය වෙළඳපොළට හඳුන්වා දීමට පෙර සේවකයින්ගේ සේවා කාලසටහන් (roster) හදිසියේ වෙනස් කළ බවට චෝදනා කරමින් ඕස්ට්‍රේලියානු වෙළඳ සංගමයක් විසින් Apple සමාගමට එරෙහිව ඩොලර් මිලියනයක වන්දි නඩුවක් පවරා තිබෙනවා.
The Shop, Distributive and Allied Employees Association (SDA) සංගමය විසින් Adelaide CBD හි Rundle Place හි පිහිටි Apple ශාඛාවට එරෙහිව South Australian Employment Tribunal හමුවේ මෙම නඩුව පවරා ඇති බවයි වාර්තා වන්නේ. නව iPhone 18 මාදිලිය නිකුත් කිරීමට පෙර සේවකයින්ගේ පූර්ව එකඟතාවයකින් තොරව සේවා කාලසටහන් වෙනස් කිරීම මඟින් සේවක ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට සංගමය චෝදනා කරනවා.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන Apple සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සේවා කාලසටහන් වෙනස් කිරීමට පෙර සියලුම සේවකයින් සමඟ සාකච්ඡා කළ බවත්, කිසිදු සේවකයෙකුගේ කැමැත්තෙන් තොරව අමතර සේවා මුර ලබාදී නොමැති බවත්ය.
කෙසේ වෙතත්, සේවකයින්ගේ පෞද්ගලික ජීවිතයට සහ පවුල් කටයුතුවලට බාධා වන පරිදි මෙලෙස එකඟතාවයකින් තොරව හදිසියේ කාලසටහන් වෙනස් කිරීමට Apple වැනි විශාල සමාගමකට වුවද හිමිකමක් නොමැති බව SDA සංගමයේ දකුණු ඕස්ට්‍රේලියානු උප ලේකම් Jordan Mumford මහතා පෙන්වා දෙනවා.



