මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම මත, ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව විසින් මූලික පොලී අනුපාතිකය 4.6% දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙය වසර 15 කට පසුව වාර්තා වූ ඉහළම පොලී අනුපාතිකයයි.
මෙම තීරණයත් සමග Labor පක්ෂයේ ආර්ථික කළමනාකරණය දැඩි විවේචනයට ලක්ව ඇති අතර, විපක්ෂ නායක Angus Taylor සඳහන් කළේ රජයේ අධික වියදම් කිරීම් මෙම උද්ධමනයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
කෙසේ වෙතත්, භාණ්ඩාගාරික Jim Chalmers පෙන්වා දෙන්නේ ඉරාන ගැටුම හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සහ කෘත්‍රිම බුද්ධි ආයෝජන වර්ධනය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.
නමුත් මහ බැංකු අධිපති Michelle Bullock ප්‍රකාශ කළේ, මෙම උද්ධමනයට මැදපෙරදිග ගැටුම මෙන්ම රට තුළ පවතින අධික භාණ්ඩ හා සේවා ඉල්ලුම සහ නිෂ්පාදිතතාවයේ පවතින මන්දගාමී බවද ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.
මෙම පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් $600,000 ක නිවාස ණය ලබාගෙන ඇති පවුල්වලට
මසකට ඩොලර් 91 ක අතිරේක මුදලක් ගෙවීමට සිදුවන අතර, ඉදිරියේදී තවදුරටත් පොලී අනුපාත ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා.



