ප්‍රකට සංචාරක ස්ථානයක් වන Hanging Rock හි සංචාරයක නිරත වූ පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ උස් ස්ථානයකින් ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Melbourne නගරයට වයඹ දෙසින් කිලෝමීටර 75 ක් පමණ දුරින් පිහිටි මෙම ගිනි කඳු පාෂාණ භූමියේ මුදුන ආශ්‍රිතව ඊයේ දහවල් 1.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවූ ස්ථානයේ සිටි වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් ඔහු බේරා ගැනීමට උත්සාහ කර ඇති නමුත්, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව Victoria පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් මරණ පරීක්ෂක වාර්තාවක් සූදානම් කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටිනවා.අනතුරත් සමඟ Hanging Rock Reserve පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.



