Gold Coast හි Mudgeeraba හි ආරම්භ කිරීමට නියමිත Village Yard Christian School නම් නව පෞද්ගලික පාසලක් විසින් පෙර පාසල් ශ්‍රේණියේ සිට 2 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යයන් සඳහා කාණ්ඩ දෙකක පන්ති පැවැත්වීමේ අපූරු ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.
2027 වසරේදී ආරම්භ වන මෙම පාසල තුළ පෙ.ව. 7:30 සිට මධ්‍යහ්න 12:00 දක්වා සහ පෙ.ව. 11:00 සිට ප.ව. 3:30 දක්වා වශයෙන් කාණ්ඩ දෙක යටතේ අධ්‍යයන කටයුතු සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ. දෙමාපියන්ට තම කැමැත්ත පරිදි සුදුසු කාණ්ඩයක් තෝරාගත හැකි අතර, පැය 4ක මෙම කාලය තුළ සම්පූර්ණ ඕස්ට්‍රේලියානු පාසල් විෂයමාලාව ආවරණය කරන බවයි පාසල් බලධාරීන් පවසන්නේ.
නම්‍යශීලී කාලසටහනක් ලබාදීම, මාර්ග තදබදය අවම කිරීම සහ පාසල් ගාස්තු අඩු මට්ටමක පවත්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම නව ක්‍රමවේදයට දැනටමත් විශාල ඉල්ලුමක් ලැබී ඇති අතර, 2027 වසර සඳහා අයදුම්පත් 100කට අධික සංඛ්‍යාවක් ලැබී අවසන් බවයි වාර්තා වන්නේ.



