Western Australia හි Geraldton නගරයට උතුරින් පිහිටි Glenfield වෙරළේදී මෝරෙකුගේ ප්‍රහාරයකට ලක් වූ 50 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව රෝහල් ගත කර තිබෙනවා.
සඳුදා පෙරවරු 9.30ට පමණ මෙම ප්‍රහාරය සිදු වී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ St John WA හදිසි ප්‍රතිකාර කණ්ඩායම විසින් ඔහුව Geraldton Health Campus රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ. සිද්ධිය සිදු වූ ස්ථානයට ආසන්න 14 මීටර් 40 ක් පමණ ඔබ්බෙන් මෝරෙකු නිරීක්ෂණය වී ඇති බව SharkSmart වෙබ් අඩවිය සඳහන් කරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් Western Australia ප්‍රාන්තයේ DPIRD (Department of Primary Industries and Regional Development) ආයතනය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, Glenfield Beach ප්‍රදේශය භාවිතා කරන පිරිස් වෙත වැඩිදුරටත් අවධානයෙන් පසුවන ලෙස අනතුරු අඟවා තිබෙනවා.



