ඕස්ට්‍රේලියාවේ ජාතික කොඩිය ගිනි තැබීම සහ විනාශ කිරීම වසරක උපරිම සිරදඬුවමක් ලැබිය හැකි අපරාධයක් බවට පත්කිරීමට Coalition පක්ෂයේ විපක්ෂ නායක ඇන්ගස් ටේලර් යෝජනා කර තිබෙනවා.

පසුගිය කාලයේ John Howard වැනි හිටපු Liberal නායකයන් මෙවැනි නීති ගෙන ඒමට විරුද්ධ වුවද, රටේ ඉතිහාසයට සහ උරුමයට හානි කරන මෙවැනි ක්‍රියා වැළැක්වීමට නීතිමය පියවර ගත යුතු බවයි Angus Taylor පවසන්නේ.

One Nation පක්ෂය ද මීට පෙර මෙවැනිම ඉල්ලීමක් කර තිබූ අතර, මෙය One Nation පක්ෂයේ ඡන්ද ලබාගැනීමේ උපක්‍රමයක් නොවන බවත්, එම පක්ෂය සමඟ සන්ධානගත වීමේ කිසිදු සූදානමක් නැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මෙම යෝජනාවට සහය දක්වමින් Home Affairs ප්‍රකාශක Jonathon Duniam සඳහන් කළේ, රටේ අභිමානය සංකේතවත් කරන ජාතික සංකේත ආරක්ෂා කිරීම ඉතා වැදගත් බවයි.