ඉදිරි ඕස්ට්‍රේලියානු මැතිවරණවලදී කෘතිම බුද්ධිය (AI) මගින් ඡන්දදායකයන්ගේ තීරණ වෙනස් කිරීමේ ලොකු අවදානමක් මතුවෙමින් තිබෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. පසුගිය මැතිවරණවලදී Goldstein, Longman සහ Bradfield වැනි ආසන ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයන්ට අවශ්‍ය වූයේ ඡන්ද කිහිපයක් පමණයි. මෙවැනි තියුණු තරඟ පවතින ආසනවලදී AI මගින් ඡන්දදායකයන් සුළු පිරිසක් හෝ වෙනස් කිරීම මුළු මැතිවරණ ප්‍රතිඵලයටම බලපෑ හැකියි.
Nature සඟරාවේ පළවූ පර්යේෂණයකට අනුව, AI Chatbots මගින් ඡන්දදායකයන් සමග කෙරෙන සංවාද හරහා ඔවුන්ගේ දේශපාලන මතයන් වෙනස් කිරීමට හැකි බව තහවුරු වී තිබෙනවා. සාම්ප්‍රදායික රූපවාහිනී දැන්වීම්වලට වඩා වැඩි බලපෑමක් කිරීමට AI සමත් වී ඇති අතර, එහිදී ලබාදෙන සමහර තොරතුරු සහ සංඛ්‍යාලේඛන නිවැරදි නොවීම ප්‍රධාන ගැටලුවක්.
විශේෂයෙන්ම 18ත් 24ත් අතර තරුණ පිරිසෙන් 16%ක් පමණ තොරතුරු ලබාගැනීමට AI භාවිතා කරන අතර, එළඹෙන Victoria ප්‍රාන්ත මැතිවරණයේදී මෙය දැඩි ලෙස බලපානු ඇතැයි විශ්වාස කෙරෙනවා. දේශපාලන දැන්වීම් පාලනය කිරීමට නීති තිබුණද, ඡන්දදායකයෙකු පෞද්ගලිකව AI එකකින් අසන ප්‍රශ්න සහ ඊට ලැබෙන පිළිතුරු පාලනය කිරීමට දැනට ක්‍රමවේදයක් නොමැති වීම විශාල අභියෝගයක් වී තිබෙනවා.



