සාමාන්‍යයෙන් El Niño කාලගුණ තත්ත්වය ඔස්ට්‍රේලියාවට වියළි කාලගුණයක් ගෙන ආවත්, 2026 වසර වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනයක් ලැබුණු El Niño වසර ලෙසයි.

පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසවලදී මෙන්ම, මේ වන විටත් දිවයින පුරා ප්‍රබල වර්ෂාපතනයක් වාර්තා වන අතර, වසරේ මේ දක්වා ලැබී ඇති සාමාන්‍ය වර්ෂාපතනය  400mm ඉක්මවා තිබෙනවා. ඉන්දියානු සාගර ප්‍රදේශයෙන් පැමිණෙන නිවර්තන තෙතමනය සහිත දැවැන්ත වලාකුළු පද්ධතියක් හේතුවෙන් South Australia, Victoria සහ New South Wales යන ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේදී 15mm සිට 50mm දක්වා වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය දේශගුණික විපර්යාසයන් සහ ඉන්දියානු සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධාන ලෙස බලපා ඇති බවයි. වර්ෂාපතනය ඉහළ ගියද, ඉදිරි වසන්ත සහ ග්‍රීෂ්ම ඍතුවලදී උෂ්ණත්වය 3°C කින් පමණ ඉහළ ගොස් දැඩි රශ්මියක් සහිත කාලගුණයක් ඇතිවිය හැකි බවටද අනතුරු අඟවා තිබෙනවා.