Western Australia හි East Rockingham ප්රදේශයේදී 44 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් Homicide detectives පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Perth නුවරට දකුණින් පිහිටි Mandurah මාර්ගය සහ Chesterfield මාර්ගය අසලදී බරපතල තුවාල ලබා සිටි මෙම පුද්ගලයා සිකුරාදා රාත්රියේ සොයාගෙන ඇති අතර, Rockingham General Hospital වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබෙනවා.
සිද්ධියෙන් සුළු මොහොතකට පසු, ඊට සම්බන්ධ බවට සැකකෙරෙන නිල් පැහැති Hyundai Getz වර්ගයේ කාර් රථයක් Byford හි Pitman Road හි ගිනි තබා විනාශ කර තිබියදී සොයාගත් බවයි WA පොලිසිය සඳහන් කරන්නේ. අදාළ ප්රදේශයේ සැකකටයුතු ලෙස ධාවනය වූ මෙම රථය දුටු අය සිටී නම් Crime Stoppers වෙත තොරතුරු ලබාදෙන ලෙස පරීක්ෂකයන් ඉල්ලා සිටිනවා.



