ඕස්ට්‍රේලියාවේ ගොවි අස්වැන්න නෙළන කාලසීමාව ආරම්භ වීමත් සමඟම නැවත වරක් ඩීසල් මිල සීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා මෙරට ගොවීන් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවයට පත්ව තිබෙනවා.
අස්වැන්න නෙළීම සහ නිෂ්පාදන රට පුරා ප්‍රවාහනය කිරීම සඳහා විශාල ලෙස ඩීසල් අවශ්‍ය වන බැවින්, මෙම මිල ඉහළ යෑම හමුවේ තමන්ට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ. පසුගිය වසරට සාපේක්ෂව ඩීසල් මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර, අධික ලෙස ඉහළ යන ඉන්ධන පිරිවැය හමුවේ ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදු වුවහොත් අවසානයේ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් පවා ඉහළ යා හැකි බවට ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිස් අනතුරු අඟවනවා.
US-Iran ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන තොග සීමා වීම මෙලෙස මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.



