ලබන ඉරිදා අලුයම 2ට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක කාලය පැයකින් ඉදිරියට දැමීමත් සමග Daylight saving කාලසීමාව ආරම්භ වනවා.

ඒ අනුව NSW, Victoria, Tasmania, South Australia සහ ACT යන ප්‍රාන්තවල වේලාව ඔක්තෝබර් 4 වන ඉරිදා අලුයම 2 වන විට වේලාව පැයකින් ඉදිරියට ගොස් අලුයම 3 ලෙස සටහන් වනු ඇති.මේ නිසා අදාළ ප්‍රාන්තවල ජනතාවට සවස කාලයේදී වැඩි ආලෝකයක් ලැබෙන අතර, උදෑසන කාලයේදී නින්දෙන් පැයක කාලයක් අහිමි වනවා.

කෙසේ වෙතත් Queensland, Western Australia සහ Northern Territory යන ප්‍රාන්ත මෙම වේලාව වෙනස් කිරීම සිදු නොකරන අතර, ඒ අනුව ඕස්ට්‍රේලියානු ප්‍රධාන භූමිය කාල කලාප 5කට බෙදී යනු ඇති.

ස්මාර්ට් ෆෝන් සහ පරිගණකවල වේලාවන් ස්වයංක්‍රීයව වෙනස් වන නමුත්, සාමාන්‍ය ඔරලෝසුවල වේලාව සෙනසුරාදා රාත්‍රියේ නින්දට යාමට පෙර පැයකින් ඉදිරියට තබන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙම Daylight saving කාලසීමාව 2027 අප්‍රේල් 4 වනදා දක්වා බල පැවැත්වෙනවා.