Melbourne හි නල කාර්මිකයෙකු ලෙස සේවය කළ Daniel Hussein වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු සහ තරුණියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Donnybrook හි පදිංචි 19 සහ 20 වියැති තරුණයින් දෙදෙනෙකු සහ Lalor හි පදිංචි 19 හැවිරිදි තරුණියක්. පසුගිය ඉරිදා Thomastown හි Lalor United Sloga FC පාපන්දු සමාජ පරිශ්‍රයෙන් පිටතදී 22 හැවිරිදි Daniel Hussein වෙඩි තබා ඝාතනය කර තිබුණා.

ඝාතනයට පෙර කිසියම් බහින්බස්වීමක් සිදුවූයේද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මිනීමැරුම් විමර්ශන ඒකකයේ නිලධාරීන් ප්‍රශ්න කරමින් සිටිනවා. මෙම වසරේ අගභාගයේදී විවාහ වීමට නියමිතව සිටි Daniel Hussein ගේ ඝාතනය පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් Crime Stoppers වෙත දැනුම් දෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.