වෙබ් අඩවිවලට ඇතුළුවීමේදී ආරක්ෂාව උදෙසා භාවිතා කරන CAPTCHA පද්ධති අවභාවිත කරමින් ඕස්ට්‍රේලියානුවන් ඉලක්ක කරගනිමින් සිදුකරන දැවැන්ත සයිබර් වංචාවක් පිළිබඳව සයිබර් ආරක්ෂණ විශේෂඥයින් සහ Australian Signals Directorate (ASD) ආයතනය විසින් අනතුරු අඟවා සිටිනවා.
මෙහිදී ව්‍යාජ CAPTCHA යොදාගනිමින්, අන්තර්ජාල පරිශීලකයින්ට වෙබ් බ්‍රවුසරයෙන් පිටත යම් පරිගණක කේත පද්ධතියට ඇතුළත් කරන ලෙස දන්වා සිටින අතර, එමඟින් හැකර්වරුන්ට අදාළ පරිගණකයට හෝ දුරකථනයට ඇතුළුවීමට අවස්ථාව හිමිවන බවයි අනාවරණය වී ඇත්තේ. මෙම ක්‍රමය මඟින් පරිගණකවල පවතින Anti-malware ආරක්ෂණ පද්ධති පවා අක්‍රිය වන බැවින් මෙවැනි වංචා මිලියන ගණනින් ඉහළ යමින් පවතින බව විශේෂඥයින් පෙන්වා දෙනවා.
එබැවින් යම් වෙබ් අඩවියක CAPTCHA එකක් විසඳීමේදී යම් දෙයක් ටයිප් කිරීමට හෝ බ්‍රවුසරයෙන් පිටතට ගොස් වෙනත් විධානයන් ක්‍රියාත්මක කිරීමට ඉල්ලා සිටින්නේ නම්, ඒ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසයි ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



