South Australia හි Coober Pedy ප්‍රදේශයට ආසන්න විවෘත පතලකින් පුද්ගල මළසිරුරක් හමුවීමේ පුවතක් වාර්තා වනවා.

බ්‍රහස්පතින්දා උදෑසන 9.30 ට පමණ සොයාගත් මෙම මළසිරුර සම්බන්ධයෙන් මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය සමඟ එක්ව ප්‍රධාන අපරාධ විමර්ශන නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණයට හේතුව සහ ඊට අදාළ තත්ත්වයන් අනාවරණය කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් වන වාර්තාව මරණ පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි බලධාරීන් සඳහන් කළේ.