ආසන්න මැතිවරණය ඉලක්ක කරගනිමින් Victoria ප්‍රාන්තයේ ගොවි ජනතාවගේ සහය නැවත දිනාගැනීමේ අරමුණින්, ආන්දෝලනාත්මක VNI West විදුලි රැහැන් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට Coalition පක්ෂය පොරොන්දු වී තිබෙනවා.
Victoria සහ New South Wales අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම බලශක්ති ව්‍යාපෘතිය Ripon ප්‍රදේශය හරහා වැටී ඇති අතර, එය මෙරට ගොවීන්ගේ දැඩි විරෝධයට ලක්වූවක්.
මීට පෙර මෙම ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට පොරොන්දු වී සිටි Liberal සහ Nationals පක්ෂ, එළඹෙන මැතිවරණයෙන් ජයගතහොත් එය සම්පූර්ණයෙන්ම අවලංගු කරන බවට දැන් තදින්ම ප්‍රකාශ කර සිටිනවා. බලධාරීන් පවසන්නේ දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව පැහැදිලි වූ බවයි.
කෙසේ වෙතත්, මෙම පියවරත් සමඟ One Nation පක්ෂය වෙත යොමුවෙමින් සිටි ගොවීන්ගේ සහය නැවතත් Coalition පක්ෂය දෙසට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.



